ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකකම නාමල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන ජාතික සංවිධායක ධුරය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පත් කොට තිබේ. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර.නව පත් කිරීමත් සමග නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැමුන් තුළ නොසතුටක් ද හටගෙන ඇතැයි පැවසෙයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර මීට අවස්ථා ගණනාවක දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරුණ නායකත්වයක් හිමි විය යුතු බව කියා සිටීම මෙම පත්වීම සම්බන්ධ පූර්ව සංඥාවක් බව එවක ද බොහෝ දෙනෙක් කීහ.

කාලීන පුවත්