පුරා­විද්‍යා මුල් පුටුව මහා­චාර්ය තුසිත මැන්දිස්ට

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ නව අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ලෙස රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨා­ධි­පති ලෙස කට­යුතු කළ මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා පත් කෙරුණු අතර, ඒ මහතා පෙරේදා (14) කොළඹ 7, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ල­යේදී නව තන­තුරේ රාජ­කාරි ආරම්භ කළේය.

තම ඉදිරි වැඩ පිළි­වෙල පිළි­බඳ අද­හස් දැක්වූ මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා: පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කියන්නේ මේ රටේ තිබෙන ඉතා වටිනා ආය­ත­න­යක්. ශ්‍රී ලංකාවේ තිබෙන සංස්කෘ­තික උරු­මය විධි­මත්ව කළ­ම­නා­ක­ර­ණය කර ප්‍රව­ර්ධ­නය කිරීම මේ දෙපා­ර්ත­මේ­න්තුවේ අර­මු­ණයි. ඒ වගේම දිගු කාල­යක සිට මේ දෙපා­ර්ත­මේ­න්තුවේ පුර­ප්පාඩු පිළි­බඳ ගැට­ලු­වක් තිබෙ­නවා. මේ තත්ත්වය මෙහි පුරා­විද්‍යා පරී­ක්ෂණ කට­යු­තු­ව­ලට බාධා­වක්. දැනට දෙපා­ර්ත­මේ­න්තුව තුළ 42කට වඩා තිබෙ­නවා විධා­යක මට්ටමේ බඳ­වා­ගැ­නීම් කිරී­මට. ඒවා හිර වෙලා. මම මේක විස­ඳා­ගන්න උත්සාහ කර­නවා. ඒ වගේම මේ දෙපා­ර්ත­මේ­න්තුව විධි­මත්ව ඉදි­රි­යට ගෙන යාම තමයි මගේ අර­මුණ. අපේ උරු­මය පිළි­බඳ තොර­තුරු ජාත්‍ය­න්ත­ර­යට ගෙන ගියොත් එය සංචා­රක ව්‍යාපා­ර­යට ද ප්‍රබල ශක්ති­යක් වනවා.

කාලීන පුවත්