පොදු ජන පෙරමුණට කැබිනට් ඇමතිකම් ලැබෙන්නේ ජනපති ගේ අභිමතය මත පමණයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් අමාත්‍ය ධුර ලබා ගැනීමට අපේක්ෂා කරන මන්ත්‍රී වරුන්ට ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතය ලබා ගැනීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අතර පසුගිය සමයේ රට දරුණු ආර්ථික බිඳ වැටීමකට ලක් කොට පසුගිය කාලයේ බිඳ වැටුණු රට යළි ගොඩ නඟන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි වූ බවට ජනතාව හමුවට ගොස් අසත්‍ය ප්‍රකාශ කරන හිටපු ඇමති වරුන් ද ප්‍රසිද්ධියේම එම ගෞරවය ජනාධිපති වරයාට ලබා දිය යුතු බවට නොනිල නිවේදන නිකුත් කොට ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර පාලිත රන්ගේ බණ්ඩාර,නවීන් දිසානායක සහ දයා ගමගේ යන මහත්වරුන්ට යළි පලාත් ආණ්ඩුකාර පදවි ලබා දීම කෙරෙහි ද ජනාධිපති වරයාගේ අවධානය යොමු වී ඇති බව ද දැන ගන්නට ඇත.

කාලීන පුවත්