පොහොට්ටුවේ නව නායකත්ව කතාව මහින්ද මහනුවරදීත් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයේදි නව නායකයෙකු බිහිවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පවතින නායකත්වය සැමදා නොපැවතිය යුතු බවත් ජනතාව අපේක්ෂා කරන්නේ නව නායකත්වයක් යැයි අද (11) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසුව පැවසීය. එහිදි ඒ මහතා පිළිගන්නා ලද්දේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.ඉකුත් 29 වන දා කැලණි රජ මහා විහාරය වැඳ පුදා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ නායකත්වයක් යටතට පත් කෙරෙන බව කී රාජපක්ෂ මහතා ඉන් අනතුරුව සිද්ධස්ථාන ගණනකට ගොස් ඒ සෑම තැනක දීම මෙම නව නායකත්ව කතාවම ගෙන හැර දැක්වීම විශේෂ සිදුවීමකි.

කාලීන පුවත්