බිත්තර මිලියන 42ක් ගේන්න කැබිනට් අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අප්‍රේල් මස 30 වන දා දක්වා බිත්තර ආනයනය කිරීමට මීට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තීරණය කර තිබිණි. ඒ හරහා බිත්තර මිලියන 18ක් මේ වන විට ආනයනය කර ඇති අතර උත්සව සමය වෙනුවෙන් තවත් බිත්තර අවශ්‍ය බවට හඳුනා ගෙන ඇත.

ඒ අනුව, පාරිභෝගික ජනතාවට සහන මිලකට බිත්තර ලබා දීම සඳහා තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

කාලීන පුවත්