නිල්වලා ගඟට ලවණ ජලය මුසු වීමේ අවදානමක්

මාතර නිල්වලා ගඟ හරහා ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇති බවට ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයන්ගෙන් ලවණ ජලය ගංගා ජලය සමඟ මුසු විය හැකි බවට නිලධාරීන්ට සැක මතුව තිබේ.ඒ, පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ මාතර නිල්වලා ගඟේ ජල මට්ටම පහළ යමින් තිබීම හේතුවෙනි.මෙම තත්ත්වය හමුවේ යම් හෙයකින් නිල්වලා ගඟට මුසු වන ලවණ ඉහළ ජලධාරා ප්‍රදේශ වෙත ගලා ගියහොත් පිරිපහදු කිරීම සඳහා ලබා ගන්නා ජලයට ලවණ මිශ්‍ර වීමෙන් පානීය ජලයට එය මිශ්‍ර වීමේ හැකියාවක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩල නිලධාරීන්ගේ අදහස වී තිබේ.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන් කියා සිටියේ, වියළි කාලගුණික තත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පැවතියහොත් ඒ තුළින් ඇතිවිය හැකි තත්වයන්ට මුහුණ දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින බවකි.

කාලීන පුවත්