බිත්තර මිල අද (20) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය නිවේදනය කරයි.
ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 41 දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42 දක්වාත් ඉහළ දමන බව සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කරයි.
නව මිල ගණන් අද (20) සිට ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.