ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානය දිනාගනී

ස්පාඤ්ඤය 16 වසරකට පසුව, පාපන්දු ලෝක කුසලානය, ජය ගන්නාලදි.ඒ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව පරාජය කරමිනි.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඇමරිකාවේ නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේදී පැවැත්වූයේ 80,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේයි.තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය. කෙසේ නමුත් දෙවැනි අර්ධය අවසානයේද කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය.

ජයග්‍රාහකයින් තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නේ ඒ අනුවයි.ඒ අනුව තරගයේ 106වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤය ක්‍රීඩක ෆෙරාන් ටොරෙස් ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට සමත් විය.මෙම අවසන් මහා තරගයේ වාර්තා වූ එකම ගෝලයද එයයි.ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙස ස්පාඤ්ඤයට ජය හිමි කර දෙමිනි.ස්පාඤ්ඤය ජය ගත් දෙවැනි පාපන්දු ලෝක කුසලානය මෙය වීමද විශේෂත්වයකි.

තරගයේ හොඳම යොවුන් ක්‍රීඩකායට හිමි සම්මානය දිනා ගත්තේ ස්පාඤ්ඤය ක්‍රීඩක පවු කුබාර්සි.ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දක්ෂතම ගෝල් රකින්නාට හිමිවන ගෝල්ඩන් ග්ලව් සම්මානය නොහොත් රන් අත්වැසුම ස්පාඤ්ඤය ක්‍රීඩක වූණායි සීමන්ට හිමි විය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි වන ගෝල්ඩන් බෝල් සම්මානය නොහොත් රන් පන්දුවට මෙවර හිමිකම් කීවේ ස්පාඤ්ඤය පාපන්දු නායක රොඩ්‍රි.පසුගිය වර ශූරතාව දිනූ ආර්ජන්ටිනාවට මෙවර අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

කාලීන පුවත්