බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් හෙට (13), අනිද්දා (14) සහ අගෝස්තු (15) වැනිදා යන තෙදින තුළ පෙරහර ගමන්ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරයි.
අදාළ දිනවල දෙකෙහි විකල්ප මාර්ග භාවිත කිරීමට රියදුරන් කටයුතු කරන ලෙස දැනුම් දීමක් කෙරේ.
ඒ අනුව හෙට (13)පාවඩ පෙරහර රාත්‍රී 7.00ට ආරම්භ වී රාත්‍රී 10.00ට අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලය තුළ 119 මහරගම දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරයෙන් හා බෙල්ලන්තර මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
විකල්ප මාර්ග –
* මහරගම සිට දෙහිවල දෙසට හා පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා රථවාහන පැපිළියාන මංසන්ධියට ගමන් කර වීමට හැරී ස්පාර් වටරවුම හරහා බෙල්ලන්තර දෙසට පිවිස නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කළ හැකිය.
* තවද බොරලැස්ගමුව හා ගාලු පාර සම්බන්ධ කරන වේරහැර හන්දියෙන් ගංගාරාම මාර්ගය ඔස්සේ ගොලුමඩම හන්දිය දක්වා වූ විකල්ප මාර්ගය භාවිතා කර ගාලු පාරට පිවිසිය හැකිය.
අනිද්දා දින රන්සිවලී පෙරහර රාත්‍රී 8ට ආරම්භ වී පසුදින අලුයම 2ට අවසන් වීමට නියමිතව ඇත.
පෙරහර 119 මහරගම් දෙහිවල බස් මාර්ගයට පිවිස බෙල්ලන්තර මංසන්ධිය දෙසට ගමන් කර සෝමරත්න මාවතට හැරෙන මංසන්ධියෙන් දකුණට හැරී සෝමරත්න මාවත ඔස්සේ විහාර මාවතට පිවිස විහාර මාවත ඔස්සේ නැවත බෙල්ලන්විල විහාරස්ථානයට පැමිණීමට නියමිතව ඇත.
පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළදී බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා 119 බස් මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කරනු ලබයි.
විකල්ප මාර්ග –
* දෙහිවල දෙස සිට මහරගම දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන බෙල්ලන්තර මංසන්ධියෙන් වමට හැරී 117 මාර්ගය ඔස්සේ පැපිළියාන මංසන්දියට පිවිස දකුණට හැරී බොරලැස්ගමුව මංසන්ධියට පිවිසිය හැකිය.
* මහරගම දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා බරවාහන
01. බොරලැස්ගමුව මංසන්ධියෙන් දකුණට හැරී පැපිළියාන මංසන්ධියට ගමන් කර වීමට හැරී 117 මාර්ගය ඔස්සේ බෙල්ලන්තර මංසන්ධයට පිවිසිය හැකිය. බොරලැස්ගමුව මංසන්ධියෙන් වමට හැරී පිළියන්දල මංසන්ධියට ගමන් කර දකුණට හැරී කටුබැද්ද මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකිය.
02. බොරලැස්ගමුව මංසන්ධියෙන් වමට හැරී පිළියන්දල මංසන්ධියට ගමන් කර දකුණට හැරී කටුබැද්ද මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකිය.
* මහරගම දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන මාලනි බුලත්සිංහල පාරට හැරෙන හන්දිය දක්වා ගමන් කර එමට හැරී පිටවේල්ල පාරට පිවිස කහවිට මාවත ඔස්සේ 117 මාර්ගයට ගමන් කළ හැකිය.
අගෝස්තු මස 15 දින රන්දෝලි මහා පෙරහර රාත්‍රී 8ට ආරම්භ වී පසුදින අලුයම 4ට අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලය තුළ බොරලැස්ගමුව මංසන්ධිය, බෙල්ලන්තර මංසන්ධිය, නැදිමාල මංසන්ධිය, 117 රත්මලාන නුගේගොඩ මාර්ගයේ අත්තිඩිය පොලිස් අභ්‍යාස විද්‍යාලය මංසන්ධියේ සිට පැපිළියාන මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
විකල්ප මාර්ග –
* මහරගම හා පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා රථවාහන කොහුවල මංසන්ධියට පිවිස වමට හැරී කොහුවල කළුබෝවිල මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිස දෙහිවල දෙසට ගමන් කළ හැකිය.
* ගල්කිස්ස, රත්මලාන දෙස සිට මහරගම, බොරලැස්ගමුව දෙසට ගමන් ගන්නා රථවාහන අත්තිඩිය බේකරි මංසන්ධියෙන් වමට හැරී ගාලු පාරට පිවිස දෙහිවල විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය අසලින් කොහුවල දෙසට ගමන් කර දකුණට හැරී බොරලැස්ගමුව, මහරගම දෙසට ගමන් කල හැකිය.
* දෙහිවල සිට පැපිළියාන දෙසට ගමන් ගන්නා රථවාහන නැදිමාල මංසන්ධියෙන් ඇන්ඩෘසන් මාර්ගයට පිවිස වමට හැරී කොහුවල හන්දියට ගමින් කර කොළඹ බොරලැස්ගමුව / නුගේගොඩ දෙසට ගමන් කළ හැකිය.
තවද ඉහත කාලසීමාව තුළ හොරණ, පිළියන්දල, කැස්බෑව මෙන්ම මහරගම දෙස සිට පැමිණෙන බරවාහන ගාලු පාර දක්වා ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් කොහුවල මංසන්ධියට ගමන් කර වමට හැරී කොහුවල, කළුබෝවිල මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකිය.
කොළඹ දෙස සිට පැපිළියාන මංසන්ධියට හෝ බොරලැස්ගමුව මංසන්ධිය ඔස්සේ ගාලු පාරට පිවිසීමට බලාපොරොත්තු වන සියලු බරවාහන පිළියන්දල මංසන්ධියට ගමන් කර දකුණට හැරී කටුබැද්ද මාර්ගයට පිවිස කටුබැද්ද මංසන්ධියෙන් ගාලු පාරට පිවිස රත්මලාන, ගල්කිස්ස, මොරටුව, පානදුර දෙසට ගමන් කළ හැකිය.