මට මෝටර් සයිකලයක් වත් නැහැ ජනතාවගෙන් කෝටි දහය නොලැබුණොත් මම හිරේ යනවා

තමන්ට රුපියල් කෝටි 10 ක වන්දි මුදල ගෙවීමට වත්කමක් තබා මෝටර් සයිකලයක්වත් නොමැති නිසා නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක වන්දි මුදල ගෙවීමට තමන්ට වත්කමක් නොමැති බවත් ඒ මුදල ජනතාවගෙන් නොලැබුණහොත් තමන් බන්ධනාගාර ගත වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.එහි දී අදහස් පළ කළ හිටපු ජනපති වරයා මෙසේ ද කීය. “නඩු තීන්දුවෙන් කෝටි 10ක් වන්දි ගෙවන්න කියලා නියම වුණත් ඒ වගේ ලොකු මුදලක් ගෙවන්න මට වත්කමක් නැහැ .අඩුම තරමින් මට මෝටර් සයිකලයක්වත් නැහැ.ඒහින්දා ඒ මුදල ජනතාවගෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන.ජනතාවගෙන් සල්ලි නොලැබුණොත් මම හිරේ යනවා.ඩඩ්ලි සිරිසේන මගේ සහෝදරයා වුණාට ඩඩ්ලි ගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ වවලා තියනවා.මට වෙන ආදායම් මාර්ගයක් නැහැ”

කාලීන පුවත්