මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ සැළසුමක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මේ වන විට සැළසුම් කර ඇති බවත් ඒ සඳහා අදාළ චෝදනා පත්‍රය සකස් කර ඇති බවත් අද (29) පැවති මාධ්‍ය හමුවකදී විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කර තිබේ.නමුත් ඒ සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා සඳහන් කරනුයේ තමන් එම චෝදනා පත්‍රයට මුහුණදීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවකි.ඒ කෙසේ හෝ වත්මන් විදුලි කප්පාදුව මුල් කොට රජය සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය පළ කරන බොහෝ දෙනකු ඊට සාපේක්ෂව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තේ සිට ජටයුතු කරන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරනු දැකිය හැක.

කාලීන පුවත්