එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක වත්මන් මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.මහ බැංකුව සඳහන් කළේ දේශීය සහ ගෝලීය ආර්ථික තත්ත්වයන්හී සිදුවන වෙනස්කම් සහ ඉදිරි දැක්ම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට පැමිණිය බවයි.
මැදපෙරදිග කලාපයේ යළි උත්සන්න වී ඇති ආතතීන් හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජ තෙල් මිල ගණන්, ඉහළ ගොස් තිබේ.මහ බැංකුව සඳහන් කළේ එම තත්ත්වය ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර, විවිධ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බවයි.