මාධ්‍යයේ පෙන්වන ජනතා ගැටලු ගැන හොයන්න ඒකකයක්

ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පෙන්වන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ ස්ථාපිත කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීම මෙහි මූලික අරමුණයි.

තොරතුරු දැන ගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම වැඩසටහන පැවැත්විණි.

එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘‘ප්‍රතිචාර” නමැති නව වෙබ් පිටුව( pmd.gov.lk/counter-disinformation-unit ) ද ජනගත කළේය.

 

කාලීන පුවත්