මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

‍මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද ඊයේ (22) හිමිවුණි.

ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධි විධාන සැලසීම සඳහා ද තම නම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා මෙම පනත් කෙටුම්පත මඟින් ප්‍රතිපාදන සලසා තිබේ.

කාලීන පුවත්