මැක්ස්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේ ?

2020 වර්ෂයේ මැයි මස 07 වනදා (වෙසක් පෙහෝ දින) සත්ව කරුණාව ඇත්තවුන්ගේ හදවත් කම්පා කරමින් වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛ මිතුරාට මෙතෙක් යුක්තිය ඉටු නොවීමේ හේතුව කුමක්දැයි කිසිවෙකුගේ මතකයට නොආවා නම් එයට හේතුව එම සිදුවීම ආසන්නයේ සියලූම නාලිකා, පුවත්පත් වල පුවත් මැවුුණු තරමට උණුසුුුම් පුවතක් වූ මෙම සිදුවීම එතැනින් යටපත්වීමයි. මේ පිළිබඳව මාධ්‍යයට ද අමතක වීමට තරම් මේ රටේ කරුණු කාරණා බොහොමයක් නැතිවා නොවේ. ‌නමුත් දහස් සංඛ්‍යාත හදවත් ඇති මිනිසුන් මෙම සිදුවීම හමුවේ කම්ප වූවා පමණක් නොවේ, මරුවාට නීතියෙන් දඬුවමක් ලැබේ යැයි ප්‍රාර්ථනා කළහ. සමාජය තුළ අපරාධයක් සිදුවූ විට එයට දඬුවමක් තිබිය යුතු බවත්, දඬුවමක් ලැබිය යුතු බවටත් ඇති විශ්වාසය විසින් එම අපරාධය සම්බන්ධයෙන් මිනිසුන් ඇති වන කම්පනය යම් තරමකට පහව යා හැකියි. නමුත් එසේ නොවන විට ඇති වන්නේ රටේ නීති පද්ධතිය පිළිබදව ඇතිවී ඇති අවිශ්වාසය, ඉච්ඡාභගත්වය තවදුරටත් අනාගතය දක්වාම පැවතීමය. මැක්ස්ගේ ඝාතනයට අදාළව ද කරුණු පෙළ ගැසෙන්නේ තවත් සත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අපරාධකරුට නීතියේ සිදුරකින් පැනයාමට ඉඩ තැබීමටදැයි සාධාරණ සැකයක් මේ වනවිට මතුවේ.

මෙම අපරාධය මීගමුු පෙරියමුල්ලේදී සිදුවන්නේ මීට වසර තුනකට පමණ පෙරදී ය. 2020 මැයි 07 වනදා හිමිදිරි උදෑසන 6.15 ට පමණ මැක්ස් වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු ජීවත්වූ පරිසරය වූ පෙරියමුල්ලේලේදිිියි. මැක්ස් ඝාතනය එකල ඒතරම් ප්‍රකට වන්නට ඒක් ප්‍රධාන හේතුවක් වූයේ ද මැක්ස්ගේ ස්වාමියා මේ රටේ ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයෙකු මෙන්ම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නායකයෙකු ලෙස ක්‍රියාකිරීම නිසාය.
බ්‍රිටෝ ප්‍රනාන්දු නම් වූ ඔහු සිය සුනඛයාගේ ඝාතනය හමුවේ හඩාවැටුණු අයුරු හද කම්පාකරවන සංවේදජනක අවස්ථාවක් විය. ඒම පණිවිඩය දැනගත් වහාම මීපුර මාධ්‍යවේදීන් ඒම ස්ථානයට ගොස් බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ඔහුගේ පවුලේ අයගෙන් ප්‍රකාශ රැගෙන මාධ්‍ය ආවරණය කළ අතර , මීගමුව පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ පරීක්ෂණය මෙහෙයවනු ලැබීය. ඒවකට මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ව සිටියේ වුඩ්ලර් මහතායි. මැක්ස් ඝාතනය සිදුකළ පුද්ගලයා පොලිස් සේවයේ විශ්‍රාමික පොලිස්ම අධිකාරීවරයෙකු වන කලෙමන්ට් ප්‍රනාන්දු නමැත්තෙකි. ඔහු මිගමුව පෙරියමුල්ලේ ශා. අන්තෝනි පාරේ අංක 70 දරණ නිවසේ පදිංචිකරුවෙකි. මෙම ඝාතනය සිදුවන අයුරු පිළිබදව වීඩියෝවක් සාක්ෂි ද තිබූ අතර මීගමුව පොලීසිය මැක්ස්ගේ ඝාතනය සදහා යොදාගත් තුවක්කුව සොයාගැනීමට අසමත් විය.

මෙම අපරාධය සිදුකරන ආකාරය පිළිබදව වීඩියෝ සාක්ෂි ද තිබියදීත් මෙම පුද්ගලයාට ඇප ලබාදී තිබීම කිසිසේත් සාධාරණ නොමැති බවත් ඒ සදහා පාවිච්චි කළ අවිය මෙතෙක් සොයාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මැක්ස් වෙනුවෙන් ඒ්ම කාලය තුළ පෙනී සිටි නීතිඥ මහතා විසින් මීගමුව පොලීසියට චෝදනා කරන ලදී. ඒ අනුව අධිකරණය විසින් මෙම ඝාතනයේ පරීක්ෂණ සහකාර පොලිස් අධිකාරවරයෙකු යටතේ සිදු කර එම පරීක්ෂණ වාර්තා සියල්ල අධිකරනය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව පොලීසියට නියෝග කරන ලදී. මෙම සිදුවීම් සිදුවූයේ 2020 වර්ෂයේ මැයි මාසය හා ඊට ආසන්න කාලසීමාව තුළදීය.
මැක්ස්ගේ සිරුර සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති අතර මේ වනතෙක් ඒම පරීක්ෂණ වාර්තාව මීගමුව අධිකරණයට යොමුවී ඇති බවට හෝ මැක්ස්ගේ ඝාතන නඩුවේ ඉදිරිය කුමක්දැයි සිතාගැනීමට තරම් සිදුවීමක් පසුගිය වසර දෙක පුරා සිදුවී නොමැත.
මැක්ස්ගේ ඝාතනය වෙනුවෙන් නීතිමය මැදිහත්වීම් සිදුකරනු ලද්දේ සත්ව අයිතිවාසිකම් හා සත්ව හිංසනයන් වෙනුවෙන් ක්‍රියාකරන Save the Paw සංවිධානයයි.

කුමාරි ප්‍රනාන්දු

www.meepura.com

 

සතුන්ටත් හිමි අපේ ලෝකය