වෙරුම්කුලමේ දී වෙඩි තබා මරා දැමුණු කෙනර තුන් මස් ගැබිණි මවක්

පසුගිය තුන් වන දා අළුයම තුනට පමණ හිසට වැදුණු වෙඩි පහරක් සමඟින් ගම්මුන් කම්පනයකට පත් වන අන්දමේ විලාපයක් නංවමින් කැකිරාව, වෙරුම්කුලම වැව ආසන්නයේ දී මිය ගිය කෙනරගේ කුස තුළ මාස 3 ක පමණ කළලයක් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සොයා ගෙන තිබේ.පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කෙනරගේ හිසේ අඟල් 18ක් පමණ ගැඹුරේ තිබූ වෙඩි උණ්ඩ කොටස් සොයා ගන්නා ලදී.මෙම කෙනරගේ වයස අවුරුදු 25-30 අතර බවට අනුමාන කරන බව වනජීවී නිලධාරීහු පවසන්නේ.එමෙන්ම මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් ද මෙම අපරාධකරු සොයා ගැනීමේ නිරන්තර උත්සාහයක යෙදී සිටින බවත් දැනගත හැකි විය.

කාලීන පුවත්