යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට(09) සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී තිබේ.ඒ අනුව එම යුරියා පොහොර බෙදා හැරීමට ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් විසින් කටයුතු යොදා ඇත. එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.එමෙන්ම ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර නිසි කලට වේලාවට සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇත.

කාලීන පුවත්