මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

2024 ඡන්දහිමි නාමලේඛනය, ඉන් ඉවත් කිරීමට යෝජිත නම් ලැයිස්තුව හා ඊට අලුතින් එකතු කිරීමට නියමිත නම් ලැයිස්තු පිළිබඳ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල / මැතිවරණ කාර්යාල, සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සියළුම පළාත් පාලන ආයතන හා සියළුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ඒ සම්බන්ධ ලැයිස්තුව ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන්.

අදාළ ලේඛනය පරීක්ෂා කර බලා තමාගේ නම 2024 වර්ෂයට ලියාපදිංචියට නිර්දේශ වී නොමැති නම් ඒ සඳහා වූ හිමිකම් ඉල්ලීමක් සිදු කළ හැකි වෙයි.

එමෙන්ම ලියාපදිංචියට සුදුසුකම් නොලබන අයෙකුගේ නම ලියාපදිංචියට නිර්දේශ වී ඇත්නම් ඊට එරෙහිව විරෝධතාවක් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී තිබේ.

ඊට අදාළ ආකෘති ඉහත නාමලේඛන ප්‍රදර්ශනය කරන ස්ථාන වෙතින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් https://www.elections.gov.lk/ ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම්දෙයි.

කාලීන පුවත්