මුතුරාජා තායිලන්තය බලා ගුවන් ගත වෙයි

ශ්‍රී ලංකාවේ ගත කළ වසර විසි දෙකකට පසු මුතු රාජා අද (ජූලි 02) පෙරවරු 7.30ට රුසියානු භාණ්ඩ ප්‍රවාහන යානයකින් යළි තායිලන්තය බලා රැගෙන යනු ලැබිණ.එම අවස්ථාව දැක ගැනීම පිණිස සත්ව ලෝලීන් සත්ව හිමි කම් ක්‍රියාධරයන් සේම මුතු රාජාට ආදරය කරන පිරිසක් ද දෙහිවල සත්වෝද්‍යානයට මෙන්ම කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30ට පමණ තායිලන්තයේ චීයන් මායි වෙත ළඟා වනු ඇත.2001 වසරේ දී තායිලන්ත රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා අලුත්ගම, කන්දේ විහාරය භාරයේ සිටිය දී හිංසනයට ලක් වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබා දීම සඳහා යළි රැගෙන යෑමට තායිලන්ත රජය විසින් පියවර ගත් අතර ඒ සඳහා ඔවුනට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන විසි තුනක් පමණ වැය වී තිබේ.

කාලීන පුවත්