ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් රාජපක්ෂ පවුල් වාදයට එරෙහි එකමුතුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ පවුල් වාදයට නතු විය නොමැති බව විශ්වාස කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම පවුල් පසුබිම මුල් කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොනිසි ආධිපත්‍යයක් ගොඩ නඟා ගැනීමට වෙර දැරීම ද මීට ප්‍රධාන හේතුවක් බව කියනු ලැබේ.එම පිරිස පසුගිය මාස කීපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර පසුගිය අරගලයට සම්බන්ධ වූ තරුණ පිරිස් ද එම කතිකාවට එක් කර ගැනීමේ සූදානමක් පවතින බව පැවසෙයි.තව දුරටහ් මෙරට දූෂිත රාජපක්ෂ පවුල හෝ එම පවුල නියෝජනය කරන සාටකයෙක් කීය.කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මෙම නව වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට සම්බන්ධ බවද දැනගන්නට තිබේ.

කාලීන පුවත්