මුතු රාජා නැවත ලංකාවට ලැබෙන කතාව බොරුවක්?

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා නැවත තායිලන්තය භාර ගෙන ඇත්තේ දැනට අසනීපයෙන් පසුවන ඇතා සුවපත් කොට නැවත ශ්‍රී ලංකාවට භාර දීමට යැයි මුතු රාජාගේ භාරකාරත්වය දැරූ පාර්ශවයන් කළ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රිකව තහවුරු වූවක් නොවන බව කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.මුතු රාජා රැගත් මෙම රුසියානු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා අද (02) අලුයම 03.00 ට පමණ පිටත්ව යාමට නියමිත ව තිබිණ.මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 11.30ට පැමිණ තිබුණි 2001 වසරේ සිට අලුත්ගම කන්දේ විහාරය භාරයට පත්ව සිටි මෙම ඇතා දරුණු කායික වද හිංසා වලට ලක් වීම මත බලවත් රෝගී තත්වයක පසුවිය.

කාලීන පුවත්