ශ්‍රී ලංකාවට ගිණිකොන මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් වූ මුහුදු අභ්‍යන්තරයේ අද (01) භූ කම්පනයක් සිදු වී තිබේ.එය රිච්ටර් මාපක ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.එය කොළඹ සිට 1260ක දුරකින් එය සිදුව ඇත්තේ පස්වරු 12.59 ට පමණි. මෙම භූ කම්පන තත්වය කළුතර, පානදුර, බම්බලපිටිය සහ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් දැනී ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය පැවසුවේ එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් ගැන වාර්තා වී නොමැති බවයි.

කාලීන පුවත්