පෞද්ගලික අංශයටද වසරක් ඇතුළත මෙට්‍රෝ බස් සේවාවට එක්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.මෙට්‍රෝ බස් රථවලට හානි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙට්‍රෝ බස් රථ සියයකට අධික සංඛ්‍යාවක් ධාවනය වන අතර, පෞද්ගලික බස් රථවලින් අතිබහුතරයක් ඊට බාධා සිදුකර නොමැති බවත්, බස් රථ කිහිපයකින් පමණක් එවැනි සිදුවීම් වාර්තා වන බවත් ඔහු පවසයි.
මෙය සමස්ත පෞද්ගලික බස් හිමියන්ගේ ප්‍රශ්නයක් ලෙස නොසලකන බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙට්‍රෝ බස් සේවාව සමඟ ගැළපෙමින් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියි.