යමකුගේ මරණය සිදුවන දිනය වේලාව සහ හේතුව හරියටම කියන්න ජ්‍යොතිර්වේදයට පුළුවන් ද? – හේම ශ්‍රී අමරසිංහ

vinivida

මීට වසර කිහිපයකට ඉහත එක්තරා සති අග පුවත් පතක ජ්‍යොතිර්වේදයේ සත්‍යතාව අභියෝගයට ලක් කෙරෙන ලිපියක් පළ විය.එහි සඳහන් ව තිබුණේ ජ්‍යොතිර්වේදයේ යම් සත්‍යතාවක් තිබේ නම් කිසියම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් ජ්‍යොතීර්වේදියකු වෙත වෙත ඉදිරිපත් කොට මේ තැනැත්තා ජීවත්ව සිටී ද? නැතහොත් මිය ගොසින්ද? යන පැනය විමසා සිටියහොත් එම තැතැත්තා මිය ගිය දිනය,වේලාව සේම මරණයට හේතුව ද අතිශය නිවැරදි ලෙස පැපසීමේ හැකියාව ජ්‍යොතිර්වේදීන් සතුව තිබිය යුතු බවකි.එහෙත්, ජ්‍යොතිර්වේදයට අනුව එම ප්‍රශ්නයේම බරපතල දෝෂ සහගත බවක් ඇති බව පවසමින් ඊළඟ සතියේම මම ඊට පිළිතුරු ලිපියක් එම පුවත් පතට යැවීමි.එහෙත් කුමක් හෝ හේතුවක් මත ඒ ලිපිය එම පුවත් පතේ පළ වූයේ නැත.අනෙ`කක් තබා දැන් ඒ පුවත් පත මුද්‍රණය වන්නේ ද නැත. මේ අතර මා හොඳින් දන්නා විදුහල්පතිවරයකු මා හමුවට පැමිණ අසා සිටියේ යමකුගේ කේන්දරයක් පරීක්ෂා කිරීමෙන් ඒ තැනැත්තා ජීවත්ව සිටීද?නැද්ද? යන්න නිශ්චිතව කිව නොහැකිද යන්න ය. ඒ අයුරින්ම මීට කලකට පෙර එක් පුවත්පතකට ලිපියක් ලියූ විද්වතකු ද පවසා සිටියේ ද ජීවත් වන හා මියගිය පුද්ගලයන් දස දෙනකුගේ ජන්ම පත්‍ර පිළිගත් ජ්‍යොතිර්වේදීන් කිහිප දෙනකු අතට පත් කොට ඒ කේන්දර හිමි එක් එක් පුද්ගලයා ජීවත්ව සිටීද? නැතහොත් මියගොසින් ද? යන්න පිළිබඳ විමර්ශනය කිරීමෙන් ජ්‍යොතිර්වේදයේ සත්‍යතාව පිළිබඳ මෙරට සාමාන්‍ය ජන සමාජයට යම් වැටහීමක් ලබා දිය හැකි බවකි.
එහෙත්, ඔවුන්ගේ මෙම ප්‍රකාශවලට පදනම් වී ඇත්තේ ජ්‍යොතිර්වේදය පිළිබඳ සැබෑ තත්වය ජනතාව හමුවේ අනාවරණය කිරීමට ජ්‍යොතිර්වේදීන් සහ ඒ නමින් පෙනී සිටින පුද්ගලයන් අසමත්ව සිටීම බව නිසැක ලෙසම කිව යුතු ය.

යමකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කොට ඒ තැනැත්තා ජීවත්ව සිටී ද? නැතහොත් මියගොසින්ද? යන්න නියත වශයෙන් ප්‍රකාශ කළ හැකි සිද්ධාන්තමය කරුණු කිසිවක් ජ්‍යොතිර්වේදය තුළ නොමැති බවත් එවන් මිථ්‍යාවන් ජ්‍යොතිර්වේදීන්ගේ නමින් පෙනී සිටින ප්‍රෝඩාකාරයන්ගේ ඇස්බැන්දුම් පමණක් බවත් මම එම පුවත් පතට යැවූ ලිපිය මඟින් සේම ඒ විදුහල්පතිවරයාට ද වටහා දුනිමි.ඊට ආසන්නතම හේතුව වනුයේ ජ්‍යොතිර්වේදය තුළ මිනිස් චින්තනය ඉක්මවන ගැඹුරක් තිබීම ය.එය ඉතා සරල උපමාවකට නැංවුවහොත් ගැඹුරු ළිං පත්ලක ඇති ජලය කෙටි කඹයක් ආධාරයෙන් උඩට ඇදගත නොහැක්කාක් මෙනි.

සුප්‍රකට භාරතීය ජ්‍යොතිර් විද්‍යා විශාරද එන්. කේ. වෙන්කතරාමන් සූරීන් ජ්‍යොතිර්වේදය හා සම්බන්ධ සමාජ මිත්‍යාවන් පිළිබඳ අගනා කෘතියක් ලියා පළ කළ විද්වතෙකි. 1937 වර්ෂයේ දී පළ වූ එම කෘතිය මගින් ජ්‍යොතිර්වේදය යනු ලොව පවත්නා සෑම සිදුවීමක්ම තත්වාකාරයෙන් පෙන්වා දිය හැකි පරමාදර්ශී ශාස්ත්‍රයක්ය යන මිථ්‍යාව ද සමාජයේ පැතිර පවත්නා බව පෙන්වා දී තිබේ. එමෙන්ම වෙන්කතරාමන් සූරීන් ඉන් වැඩිදුරටත් පෙන්වා දෙනුයේ ජ්‍යොතිර්වේදය පිළිබඳ එවැනි දුර්මත සමාජය පුරා පැතිර යාමෙන් ඒ සම්බන්ධ සමාජය තුළ පවත්නා ගෞරවනීයත්වය හා විශ්වාසය පළුදු වී යා හැකි බවකි.එතුමන් ගේ ඒ කතාව වත්මන් සමාජය හමුවේ ද ප්‍රායෝගික සත්‍යයක් වී තිබේ.එබැවින් අද වන විට මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය ශ්‍රී ලාංකේය ජන සමාජයට කොතෙක් ආදේශ කළ හැකි ද? යන්න විමසා බැලීම බුද්ධිමත් පාඨක ඔබට භාර කරමි. තම ප්‍රකාශයෙන් කියැවුණු කිසිම දෙයක් වැරදිලා නොමැති බවට සාටෝපකාරී තේමා පාඨ සහිත පුවත්පත් පවා පසුගිය කාලයේ ජනප්‍රියව තිබීමත් ඒවාට අද දවසේ එළැඹී ඇති දුර්දසාවන් විමසීමෙන් ජ්‍යොතිර්වේදය තුළට පිවිස හිඳින මෙම ප්‍රයෝගකරුවන් ඊට සිදුකොට ඇති විනාශයේ තරම වටහා ගත හැක.
යමකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කොට ඒ තැනැත්තා ජීවත්ව සිටී ද? නැතහොත් මියගොසින්ද? යන්න නියත වශයෙන් ප්‍රකාශ කළ හැකි සිද්ධාන්තමය කරුණු කිසිවක් ජ්‍යොතිර්වේදය තුළ නොමැති බවත් එවන් මිථ්‍යාවන් ජ්‍යොතිර්වේදීන්ගේ නමින් පෙනී සිටින ප්‍රෝඩාකාරයන්ගේ ඇස්බැන්දුම් පමණක් බවත් මම එම පුවත් පතට යැවූ ලිපිය මඟින් සේම ඒ විදුහල්පතිවරයාට ද වටහා දුනිමි.ඊට ආසන්නතම හේතුව වනුයේ ජ්‍යොතිර්වේදය තුළ මිනිස් චින්තනය ඉක්මවන ගැඹුරක් තිබීම ය.එය ඉතා සරල උපමාවකට නැංවුවහොත් ගැඹුරු ළිං පත්ලක ඇති ජලය කෙටි කඹයක් ආධාරයෙන් උඩට ඇදගත නොහැක්කාක් මෙනි.

ජ්‍යොතිර්වේදය යනු කේවල හෙවත් ‘හුදු’ ක්‍රමයට නිශ්චිත අනාවැකි කිව හැකි ශාස්ත්‍රයක් නොවන බවත් එසේ අනාවැකි කීමෙන් එය පවසන්නාට, අනාවැකි අසන්නාට සේම සමස්ත ජ්‍යොතිර්වේදයටම අගතියක් මිස සුගතියක් නොවන බවත් පැරණි ජ්‍යොතිර්වේදී ආචාර්යවරුන් පිළිගත් සේම ඒ අනුව කටයුතු කොට ඇති බව ද පෙනේ. මීට දශක කිහිපයකට පෙර ද එම ශාස්ත්‍රීය විධි ක්‍රම උල්ලංඝනය කළ විලම්බීතකරුවන් සිටි මුත් ඔවුනට එවක සමාජයේ නිසි පිළිගැනීමක් ලැබුණේ නැත. නමුත් අද සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය.අද ඔව්හු සමාජයේ කීර්තිමත් පුද්ගලයන් බවට පත්ව හිඳිති.

මූලික ජ්‍යොතිර්වේදයට අනුව පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ සේම මරණය පිළිබඳව ද කරුණු දැක්විය හැක. ඒ සඳහා වන ග්‍රහ පිහිටීම් එක් එක් පුද්ගලයාගේ ජන්ම පත්‍රවල තිබේ. යමකුගේ මරණය සිදුවන ක්‍රම රවි, චන්ද්‍ර ලග්නය සහ ජන්ම පත්‍රයේ අටවැන්න යන ස්ථානවලින් පෙන්නුම් කෙරේ. එහි දී එම මරණය හදිසි අනතුරකින් සිදුවන්නක් ද,නැතහොත් දිගුකාලීන රෝගාබාධයක් මුල්කොට සිදුවන්නක් ද ආදී වශයෙන් වෙන් කොට දැක්වීම පිණිස වන කරුණු ද ජ්‍යොතිර්වේදය තුළ තිබේ. එමෙන්ම එම ජන්ම පත්‍රය හිමි තැනැත්තා මිනී මැරුමකින් මරණයට පත්වේද? නැතහොත් මරණීය දණ්ඩනයකට ලක් වේද? යන්න පිළිබඳවත් ‘ඉඟි කෙරෙන’ ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍රවලින් දැකගත හැක.
නමුත් ඉහත සඳහන් ග්‍රහ බලපැම් නිසා යමකු ඒ ආකාරයේ මරණයකට පත්වීමට ඇත්තේ යම් සම්භාවිතාවක් පමණි.ඊට හේතුව එම නියමයන් ක්‍රියාත්මක වීම සෙසු ග්‍රහ පිහිටීම් හා සාපේක්ෂ මෙන්ම තුලනාත්මක වීම ය. ඒ අනුව ඉහත සඳහන් මාරක ග්‍රහ බලපෑම් සහිත පුද්ගලයන් ජීවත්ව සිටිය දී එවැනි ග්‍රහ බලපෑම් නොමැති පුද්ගලයන් මරණයට පත් වීමේ අවකාශයන් ද තිබේ. ඒ සම්බන්ධ ජ්‍යොතිර්වේදී නියමයන් ද තිබේ.
එමෙන්ම ජ්‍යොතිර්වේදය යනු එලෙස කේවල හෙවත් ‘හුදු’ ක්‍රමයට නිශ්චිත අනාවැකි කිව හැකි ශාස්ත්‍රයක් නොවන බවත් එසේ අනාවැකි කීමෙන් එය පවසන්නාට, අනාවැකි අසන්නාට සේම සමස්ත ජ්‍යොතිර්වේදයටම අගතියක් මිස සුගතියක් නොවන බවත් පැරණි ජ්‍යොතිර්වේදී ආචාර්යවරුන් පිළිගත් සේම ඒ අනුව කටයුතු කොට ඇති බව ද පෙනේ. මීට දශක කිහිපයකට පෙර ද එම ශාස්ත්‍රීය විධි ක්‍රම උල්ලංඝනය කළ විලම්බීතකරුවන් සිටි මුත් ඔවුනට එවක සමාජයේ නිසි පිළිගැනීමක් ලැබුණේ නැත. නමුත් අද සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය.අද ඔව්හු සමාජයේ කීර්තිමත් පුද්ගලයන් බවට පත්ව හිඳිති.
කිසියම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් මා වෙත ඉදිරිපත් කොට මේ තැනැත්තා ජීවත්ව සිටී ද? නැතහොත් මිය ගොසින්ද? යන පැනය යමකු විමසා සිටියහොත්
ඊට නෝනාද? පොල්ලද? න්‍යායෙන් සරල පිළිතුරක් දීමේ හැකියාව අප සතුව තිබේ.එහෙත්, එවැනි අවස්ථාවක ඒ පුද්ගලයාගේ ජන්ම පත්‍රයේ ඇති ඒ ඒ කාලවලට අදාළ මාරක ග්‍රහ පිහිටීම් පෙන්වා දෙනු මිස ඒ කාලවල ඔහු සැබැවින්ම මිය ගියේද? නැද්ද? යන්න පෙන්වා දීමේ හැකියාවක් මා තුළ තබා ව්‍යවහාරික ජ්‍යොතිර්වේදය තුළ වත් නොමැති බව විශේෂයෙන් කිව යුතු ය.එමෙන්ම එබඳු මාරක ග්‍රහ පිහිටීම් සහිත පුද්ගලයන් ජීවත්ව සිටීමේ හැකියාවක් සේම එවන් මාරක ග්‍රහ පිහිටීම් කිසිවක් නොමැති පුද්ගලයන් අකල් මරණවලට ලක්වීමේ සම්භාවිතාවක් ඇති බව ද සිද්ධාන්තමය ජ්‍යොතිර්වේදය පිළිගනී. එසේ පිළි නොගන්නේ නූතන සමාජයේ වෙසෙන කපටින් පමණි.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට