නුවරඑළියේ මැණික් ගරන්න ව්‍යාපාරිකයන්ට ඉඩ

මැණික් කර්මාන්තය සඳහා යෝග්‍ය ප්‍රදේශ වශයෙන් මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව ඉදිරියේදී සබරගමුව පළාතට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් කර්මාන්තය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එමෙන්ම, ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීමට සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවකි.එම ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

කාලීන පුවත්