වී මිලදි ගැනීමට නිසි වැඩපිළිවෙළක් තවමත් නැහැ – ගොවීන්

වී මිලදි ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් තවමත් නොමැති බවට ගොවීන් මැසිවිලි නගයි.
ගොවින් පවසන්නේ තමන්ට වී කිලෝග්‍රෑමයක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 85ත් 90 ත් අතර මිලකට බවයි.

කෙසේ නමුත් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ, නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 105 කටත් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 කටත්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් මිලදී ගන්නා බවයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවන බවයි.

කාලීන පුවත්