රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කථානායක ධුරයට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අද(05) නැවතත් තේරී පත් විය.ඒ පසුගිය දා ඒ මහතා ඉල්ලා අස්වීමෙන් පසු අද පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකින් පසුව ය.එහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සියඹලාපිටිය මහතා ඡන්ද 148 ක් ලබාගත් අතර විපක්ෂයෙන් යෝජනා කළ පත් කළ මන්තී‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා ලබාගත්තේ ඡන්ද 65 ක් පමණි.ඒ අනුව වැඩි ඡන්ද 83 ක් ලබාගත් රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකවරයා ලෙස තෝරාගත් බව කථානායක වරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

කාලීන පුවත්