රට පුරාම බියගම වගේ නව ආයෝජන කලාප ඇති කරනවා

තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බවත් බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබූ බවත් බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (25) පෙරවරුවේ එක්වෙමිනි.

කාලීන පුවත්