රත්නපුරේ විමල බුද්ධි චීවරධාරියා දෙවැනි වරටත් අත්අඩංගුවට

බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහරිමින් හා භික්ෂු වේශයෙන් පෙනී සිටිමින් අනේක විධ විෂමාචාර ක්‍රියා කොට ඒවා අන්තර්ජාලයට ද මුදා හරිමින් හා එදිරිවාදිකම් වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා දෙවැනි වරටත් පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මීට පෙර මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇප මත මුදා හැර සිටියදී, ඔහු අධිකරණ නියෝග නොතකමින් යළිත් දිගින් දිගටම මෙම ක්‍රියාවන්වල නිරතවීම නිසා ඊයේ (20) රාත්‍රියේ නැවත අත්අඩංගුවට ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන් දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කාලීන පුවත්