රන්ජන් උපාධියට සැරසෙන “ලැප් ටොප් එක” අරන් ගිහින්

තමන්ට මේ දිනවල උපාධියට සූදානම් වීම සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බව රන්ජන් රාමනායක මහතා පවසා තිබේ.ඒ සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගියදා රාමනායක මහතාගේ සුව දුක් විමසීම පිණිස වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ දීය. තමන් පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බව රන්ජන් රාමනායක මහතා එහි දී පවසා ඇත.එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර පාලනාධිකාරිය සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට දැනුම් දී තිබේ.

කාලීන පුවත්