රඹුක්කන, ගම්පොළ අතර දුම්රිය ගමන්,අද සහ හෙට අත්හිටුවයි

රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොල අතර සියලු දුම්රිය ගමන් අද(24) සහ හෙට(25) අත්හිටුවා තිබේ.

ඒ, කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නායයෑමක් සක්‍රීය වී දුම්රිය මාර්ගයට සේදී ආ පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමේ හදිසි ප්‍රතිසංස්කරණ හේතුවෙන් ය.

ඒ අනුව අද සහ හෙට මුදල් ගෙවා ආසන වෙන්කරවාගත් මගීන්ට එම මුදල් නැවත ලබා ගැනීමට පහසුකම් සළසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්