රාජ්‍ය ඇමති ගේ”බලු කතාව” බොරුවක්!

කිසිදු සංඛ්‍යා ලේඛන අධ්‍යයනයකින් තොරව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ රට තුළ දඩාවතේ ගැවැසෙන සුනඛ ගහණය ලක්ෂ හැට දෙකක් බව කී ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බව මානුෂීය ක්‍රම මගින් සත්ව ගහනය කළමනාකරණය සඳහා වූ පශු වෛද්‍ය ඒකමුතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පැවැසීය.රාජ්‍ය ඇමති වරයා පාර්ලිමේන්තුවේ දී සිදු කළ එම ප්‍රකාශයෙන් යළිත් රට තුළ සුනඛ ඝාතනයක් සිදු කිරීමට සූදානම් වන්නේ දැයි සැකයක් උපදින බව කී පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා 2007 වසරේදී සිදු කළ සංගණනයේදී මෙරට සුනඛ ගහණය ලක්ෂ 30ක් බවට හඳුනාගත් බවත් සිදු කළ වඳ සැත්කම් නිසා 2023 වසරේදී සුනඛ ගහණය ලක්ෂ 21ක් දක්වා පහළ ගිය බවත් පැවැසීය.

කාලීන පුවත්