රූපවාහිනී ආයතනයක් දිනේෂ් ෂාෆ්ටර් දේහය ගොඩ ගැනීම සජීවී ව විකාශය කරන්න හදලා

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අධිකරණ නියෝග මත අද(25) පෙරවරුවේ යළි ගෙඩ ගන්නා අවස්ථාව එක්තරා රූපවාහිනි නාළිකාවක් මඟින් සජීවීව විකාශය කිරීමට කටයුතු කිරීම මුල් කොට එම අවස්ථාව වාර්තා කිරීමට පැමිණි සියළු මාධ්‍යවෙදීන්ට පොලීසිය විසින් බාධා පැමිණවූ බව වාර්තා වෙයි. පසුව සෙසු මාධ්‍යවේදීන්ගෙන් ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හමුවේ ඔවුන්ට කනත්ත පරිශ්‍රය තුළ එක් සීමාවක සිට අදාල තොරතුරු වාර්තාකරණයට අවස්ථාව සලසා දී ඇත.ඒ සම්බන්ධයෙන් එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පවසා සිටියේ මාධ්‍ය නිදහසට මුවා වී අද ඇතැම් මාධ්‍ය ආයතන මාධ්‍ය ආචාර ධර්ම සේම මූලික සදාචාර ද උල්ලංඝනය කරන මුත් පොදු සමාජයෙන් ඊට එරෙහි ව මෙතෙක් කිසිදු හඬක් නැඟී නොමැති බව ය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය වෛද්‍ය පීඨය වෙත ගෙන ගොස් ඇත.

කාලීන පුවත්