ලංකා සතොස භාණ්ඩ දහයක මිල පහත හෙළයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 10ක මිල පහත දමා තිබේ.වියළි මිරිස් කිලෝව රුපියල් 120කින්, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 11කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 07කින්, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 10කින් සහ හාල් මැස්සන් කිලෝවක රුපියල් 25කින් අඩු කර ඇති අතර කඩල කිලෝවක මිල රුපියල් 15කින්, දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 10කින් සහ ග‍්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින්, අඩු කර ඇති බව ලංකා සතොස ආයතනය දන්වා සිටියි.

කාලීන පුවත්