දුෂණ මර්දන පනත පොදු ජන පෙරමුණේ අවධානයට

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දකුණු ආසියාවේ හොඳම දුෂණ මර්දන පනත ලෙස නම් කරමින් මෙම වසරේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් කෙටුම් පත කෙරෙහි ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ඇතැමුන් ගේ විශේෂ අවධානයට යොමු ව ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.පුවත්පත් කර්තෘවරුන් හා මාධ්‍ය ආයතනවල ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුවක දී ජනාධිපති වරයා මෙම පනත පිළිබඳව පවසා ඇති අතර මෙම පනත සම්මත වීම මේ වන විට දේශපාලනයේ යෙදෙන ඇතැමුන්ට අවාසි දායක වීම ඊට හේතු වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්