ලංගම ඩිපෝ වලින් ඩීසල් නොලැබීම මත පෞද්ගලික බස් ධාවනය මුළුමනින්ම නතර වේවි

පෞද්ගලික බස් රථ සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඩීසල් නිකුත් කරන ලෙස රජය කිහිප වරක් දැනුම් දී තිබුණ ද ප‍්‍රාදේශීය ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා නිකුත් කිරීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීම මත අද(04) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.එහෙත් ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ ආරංචි මාර්ග පවසනුයේ තම ඩිපෝ සතුව ලංගම බස් රථ පමණක් ධාවනය කිරීම සඳහා වන ඩීසල් සංචිත තිබියදී ඒවා පෞද්ගලික බස් රථ වලට ලබා දීම තුළින් ලංගම බස් රථ ධාවනය අඩාල වීමට හෝ මුළුමනින් ඇනහිටීමට අනිවාර්යෙන් සිදුවන බව ය.මෙම සරල යථාර්ථය වටහා නොගත් ජනාධිපති වරයා,ප්‍රවාහන ඇමති වරයා දුන් ඒ අත්තනෝමතික නියෝගය ලංගම සභාපති වරයා ද අනුමත කිරීම මත එසේ ඩීසල් ලබා දුනහොත් ලංගම ඩිපෝ ඉන්ධන පිරවුම් හල් ලෙස පමණක් පවත්වා ගෙන යාමට සිදු වන බවත් පෞද්ගලික බස් රථ කරුවන් ලංගම බස් රථ ධාවනයට ඇති ඉන්ධන ලබා ගැනීමට වෙර දරනුයේ ලංගමය බිඳ දැමීමේ යටි අරමුණ ද සහිතව බවත් ලංගම ඩිපෝ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.කෙසේ වෙතත් උපරිම ධාරිතාවයෙන් යුතුව ලංගම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශයකු කියා සිටියේ පෞද්ගලික බස් රථ සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන ලෙස ජනාධිපති වරයා දුන් අත්තනෝමතික නියෝගය ක්‍රියාත්මක කළ හොත් තිස් පන් දහසක් පමණ වන ලංගම සේවකයන් ගේ රැකියා අහිමි වීමේ පැහැදිලි අවදානමක් මතු වන බවකි.

කාලීන පුවත්