ලබන සඳුදා පාසල් සහ රජයේ කාර්යාල නිවාඩු

ජුනි 13 වන සඳුදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.ඒ අතර එළඹෙන ජූනි 13 වන සඳුදා රජයේ කාර්යාල සඳහා ද විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ.ලබන 14 වනදාට පොසොන් පොහොය යෙදී තිබීම සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදෙන බව රජය නිවේදනය කොට ඇත.

කාලීන පුවත්