එළඹෙන මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්රෝ සමාගම පවසයි.එම සමාගම සඳහන් කළේ අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 20,500ක් මේ වන විට ලැබී තිබෙන බවයි.
එමෙන්ම තවත් ගෑස් මෙට්‍රික් ටොන් 17,500ක් ලැබීමට නියමිත බව එම සමාගම ප්‍රකාශ කරයි.ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ එම තොග මාලදිවයිනේ පාවෙන ගබඩාවක් තුළ ගබඩා කර තිබෙන බවයි.
එමෙන්ම තවත් ගෑස් මෙට්‍රික් ටොන් 20,000ක නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවද එම සමාගම සඳහන් කරයි.