ලොවම සෙවූ ටයිටන් ට සිදුවූ දේ තහවුරු වෙයි

සාගර පත්ලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සබ්මර්සිබල් යානයේ “ව්‍යසනකාරී පිපිරීමකින්” එහි ගමන්ගත් පස් දෙනා මිය ගිය බවට විශ්වාස කරන බව ඇමරිකානු වෙරළාරක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර තිබේ.

ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව ඇමරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්‍රකාශ කර තිබේ.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.

පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.

කාලීන පුවත්