ලෝක ආහාර වැඩ සටහන යටතේ ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹේ

දැනට පවත්නා ආහාර අර්බුදය හමුවේ කුඩා දරුවන්ගේ හා ගැබිණි මව්වරුන්ගේ මෙන්ම කිරි දෙන මව්වරුන්ගේ පෝෂණ මට්ටම කඩිනමින් ඉහළ නැංවීම පිණිස පෝෂණ අතිරේකයක් ලෙස ත‍්‍රිපෝෂ නිෂ්පාදනය යළි ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන එකඟ වී තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ ඒ පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බවය.ඒ අනුව අමුද්‍රව්‍ය හිඟයත් සමඟ මේ වන විට නතර කර ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු‍ ඇතුළු අමු ද්‍රව්‍ය කඩිනමින් සැපයීමට පියවර ගැනෙනු ඇත.

කාලීන පුවත්