වී කිලෝව රුපියල් 300ටත් ඉහළ යයි

ඉදිරි මාස කිහිපය තුළ දරුණු සහල් හිඟයක් ඇතිවන බවට පැතිර යන කටකතා හේතුවෙන් ගොවි බිම් වලින් වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට අලෙවි වන බව වාර්තා වේ.අනුරාධපුර, පොළොන්නරුව,කුරුණාගල,මඩකපලුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලට පිට පළාත් වලින් ජනතාව පැමිණ පෞද්ගලිකව වී මිලදී ගැනීම සිදුකරන බවත් ගොවියෝ පවසති.මේ තත්වය යටතේ සාමාන්‍ය වෙළඳ පලේ සහල් මිල ගණන් රජය විසින් ප්‍රකාශිත පාලන මිල මට්ටමේ පවත්වාගෙන යා නොහැකි තත්වයක් මත ඉදිරියේ දී රට පුරා සහල් අර්බුදයක් හට ගත හැකි බව පවසන සහල් වෙළඳ පල ආරංචි මාර්ග පවසනුයේ මෙම යල කන්නයට අපේක්ෂිත යූරියා පොහොර ලැබුණහොත් වී මිල රුපියල් සියයේ මට්ටම තෙක් පහළ බසින බවකි.

කාලීන පුවත්