ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 108 ඉක්මවයි

මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය සහ ඉරාන අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළට එල්ල විය හැකි දීර්ඝ කාලීන තෙල් සැපයුම් බාධාවන් හමුවේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 108 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙය පසුගිය මැයි මාසයෙන් පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සටහන් වූ ඉහළම අගයයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය සහ රතු මුහුද ආශ්‍රිතව ගැටුම් උග්‍ර වීමත් සමඟ මේ සතිය තුළ බොරතෙල් මිල නැවතත් ඩොලර් 100 සීමාව පසුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර හුවමාරු වීම, ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීම සහ බැබ් අල්-මන්ඩැබ් සමුද්‍ර සන්ධියේ හටගෙන ඇති නොසන්සුන්තාව මෙසේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

කාලීන පුවත්