වසරකටත් වැඩි කාලයක සිට දරුවන්ට ත්‍රිපෝෂ නෑ

වයස අවුරුදු තුනට අඩු ළමයින්ට ත‍්‍රිපෝෂ ලබා දීම වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි ඇය වැඩිදුරටත් පවසනුයේ මෙය දරුවන්ගේ පෝෂණ තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලූ ඇති කරවන්නක් බවකි.රට තුළ මන්දපෝෂණ තත්ත්වය මෑත කාලීනව ඉහළ යමින් ඇති පසුබිමක බලධාරීන් මේ පිළිබඳ කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතු බව ද ඇය පෙන්වා දෙයි.මේ සම්බන්ධයෙන් ත‍්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා වෙතින් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප‍්‍රතිශතයේ පවතින ගැටලූවක් හේතුවෙන් කුඩා ළමුන් සඳහා ත‍්‍රිපෝෂ නිෂ්පාදනය කළ නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.කෙසේ වෙතත් මෙම තත්වය කඩිනමින් යථාවත් කිරිමට පියවර ගන්නා බව ද ඒ මහතා කීය.

කාලීන පුවත්