වායු දූෂණය අඩුකරන්න ප්‍රංශය රට තුළ ගුවන් ගමන් සීමා කරයි

පැය දෙකක් තුළ ගොඩබිමින් ගමන් කළ හැකි දුම්රිය පහසුකම් සහිත ප‍්‍රදේශ දක්වා සිදු කෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට ප්‍රංශ රජය තීරණය කොට ඇත. ඒ වායු දූෂණය අවම කිරීම සඳහා වන ක්‍රියා මාර්ගයක් වශයෙනි.සාමාන්‍යයෙන් දුම්රියකින් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය මෙන් 77 ගුණයක කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් ගුවන් යානයකින් පිටවීම මීට හේතුව බව ද පැවසෙයි.කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ප‍්‍රංශයේ අභ්‍යන්තර ගුවන් සේවා සපයන සමාගම් සිය අප‍්‍රසාදය පළ කර ඇති අතර ඔවුන් පවසනුයේ මෙය එක් කරුණක් පිළිබඳව පමණක් සැළකිල්ලට ගෙන ගත් තීරණයක් බව ය.

කාලීන පුවත්