“වැල් පාලමේ ගමන ඉවරයි” ජනපති නොකියා කියයි

අද වන විට ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බවත් මේ දක්වා පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගන්නා අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කීය. වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසීය.

කාලීන පුවත්