අල පෙති කම්හලත් හරි වගේ!

ශ්‍රී ලංකාවේ මුල්ම අර්තාපල් පෙති නිෂ්පාදන කර්මාන්තශාලාවේ පර්යේෂණ කටයුතු මේ වනවිට සාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.එම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන සහ බණ්ඩාරවෙල – කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට ඇති අතර වියදම රුපියල් මිලියන 100 කි. නව අර්තාපල් පෙති කර්මාන්තශාලාවේ නිෂ්පාදන විදේශීය මෙන්ම, දේශීය වෙළඳපොලට නිකුත් කිරීමට අපේක්ෂිතය.දිනකට අර්තාපල් පෙති කිලෝග‍්‍රෑම් 1000 ක් සැකසීමේ හැකියාව ඇති මෙම කර්මාන්ත ශාලාවෙන් අර්තාපල් ගොවීන් 200 කගෙන් නිෂ්පාදන මිලදී ගැනීමට සැළසුම් කර තිබේ.

කාලීන පුවත්