විදුලි කප්පාදුව අතරේ උසස් පෙළ විභාගය ඇරඹේ

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ.දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ.අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත් වේ.අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන අද (23) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාතයංශය සහ මහජන උපයෝගිතා කොමිසම ඊයේ (22) පස්වරුවේ නිවේදනය කොට ඇත.ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් එම ආයතන තුනම සදඟන් කරයි.උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී විදුලි කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළ අතර එම කාලය තුළ විදුලිය නොකපන ලෙස විභාග දෙපාර්තමේන්තුව ද ලිඛිත ඉල්ලීමක් කර තිබේ.නමුත් එය ක්‍රියාත්මක නොවීම මත බොහෝ දෙනෙක් සිය අප්‍රසාදය පළ කරති.

කාලීන පුවත්