විපක්ෂයේ අයට ආරාධනා කරන්න තරම් වුවමනාවක් ආණ්ඩුවට නැහැ

වත්මන් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම මනා හැකියාවක් සහ දක්ෂතාවයක් පවතින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය පවසයි.විපක්ෂයේ සිටින ඇතැම් දක්ෂ දේශපාලනඥයින්ට ආණ්ඩුව සමඟ එකතු වන ලෙසට රජය විසින් ආරාධනා කර ඇති බවට සමාජය තුළ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද ඇය අවධාරණය කළාය.රජයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, විපක්ෂයේ සිටින කිසිදු පුද්ගලයෙකු විශේෂ කොට සැලකීමට හෝ ඔවුන්ට ආණ්ඩුවට පැමිණෙන ලෙස ආයාචනා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමාලි වීරසේකර මහත්මිය මෙසේ ද සඳහන් කළාය. “විපක්ෂයේ බොහෝ දෙනෙක් තමන් දක්ෂයෝ කියලා, තමන් සතුටු විය යුතු විශේෂ පුද්ගලයෝ කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මම පැහැදිලිවම කියන්න කැමතියි, ඒ කිසිම කෙනෙක් අපිට විශේෂ නැහැ. කාටවත් විශේෂයෙන් ආරාධනා කරන්න තරම් වුවමනාවකුත් ආණ්ඩුවට නැහැ.”

කාලීන පුවත්