විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජ්‍යාත්‍යන්තර පදවියකට

එක්සත් ජාතින්ගේ ආසියා පැසිපික් කලාපයේ පාරිසරික බලධාරින්ගේ 4 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත.ආසියා පැසිපික් කලාපයේ රටවල් 47 ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබයි.
ඒ අනුව අනිල් ජාසිංහ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහනේ 05 වන මහා සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ව සිටි සමයේ මෙරට කොවිඩ් පළමු රැල්ල මැඩ පැවැත්වීමට විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන් අතර පසුව ඔහු පරිසර අමාත්‍යංශ ලේකම් ධුරයට පත් කරන ලදී.

කාලීන පුවත්