විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට

මුළුමනින්ම ඇන හිට තිබූ විදුලි සැපයුම මේ වනවිට යථා තත්වය ට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ බියගම සිට කොත්මලේ දක්වා විදුලිය රැගෙන යන අධි වෝල්ටීය රැහැන් පද්ධති 2ක සිදුවූ හදිසි බිඳවැටීමක් මීට හේතුවී ඇති බවයි.

මෙලෙස විදුලිය බිඳ වැටී ඇත්තේ එම අධි වෝල්ටීයතා රැහැන් පද්ධති 2ට සිදුවූ අකුණු සැර වැදීමකින් බවට විදුලිබල මණ්ඩලය සැක පළ කරයි.

කාලීන පුවත්